රට වසා දමනවාද ? සංචරණ සීමා පනවනවාද? තීරණාත්මත තීන්දුවක් ගන්න ජනපතිගේ ප්‍රධානත්වයෙන් කෝවිඩ් මර්ධන කමිටු රැස්වීම ඇරඹෙයි

August 13, 2021 at 2:01 PM

රටපුරා පාලනයකින් තොරව සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය අද සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙම සාකච්ඡාව අද පෙරවරු 11.00ට ආරම්භ වූවා.

මෙහිදී උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්යෙන් වැඩිදුරටත් සකාකච්ඡා කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනයකි කිරීම සඳහා දැඩි සංචාරණ සීමා පනවා රට වසා දැමිය යුතු බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාව ම සාකච්ඡාවේදී සංචරණ සීමා තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.