ඇමති මාරුව ලබන සතියේ : සෞඛ්‍ය ඇමතිධුරයේ වෙනසක් නැහැ

August 13, 2021 at 9:42 AM

ලබන සතියේ මුලදී සිදු කිරීමට යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෙනස් නොවන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දරන කෙහෙළිය රඹුක්වැල්ල විදුලි බල අමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතයි.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් කිරීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් කිරීමට නියමිතව ඇත.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන අඟහරුවාදා (17) සිදු කිරීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් පවිත්‍රා වන්නිආරච්චි ඉවත් කරන බවට පැතිර ගිය ප්‍රචාරය අසත්‍යයක් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

( උපුටා ගැනීම : අරුණ පුවත්පත)