විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් අද සිට

August 12, 2021 at 8:06 AM

විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (12) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාත තුළ මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුද්ගලයින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා මෙය ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා යුද හමුදාව පැවසුවේ.

ඒ අනුව මෙම ජංගම එන්නත්කරණ වැඩපිළිවෙල අද ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භවීමට නියමිතයි.

යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළුව විශේෂ ජංගම රථ 10ක් මේ සඳහා සූදානම් කර ඇත.

මෙම ජංගම එන්නත්කරණය සිදුකර ගැනීමට අවශ්‍ය මහජනතාව 011 -2 860 002 හෝ 1906 යන දුරකථන අංක අමතා ලියාපදිංචිවීමෙන් එන්නත්කරණය සිදුකර ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.