යුද හමුදාව ජංගම එන්නත්කරණ වැඩසටහනක් අරඹයි (PHOTOS)

August 12, 2021 at 2:15 PM

බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අද (12) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී යුද හමුදාධිපති ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව පහත ජංගම එන්නත්කරණ වැඩසටහන පහත දැක්වෙන ස්ථානවල ක්‍රියාත්මක කරනු ලබන බවයි යුද හමුදාව සඳහන් කර සිටියි.

දෙමටගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්, කොළඹ 15 – මෝදර ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, ගංගාරාම මාවත – මට්ටක්කුලිය ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්, කොළඹ 14 – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, කොළඹ 15 – බ්ලුමැන්ඩල් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 02 ක් වශයෙන් අද දිනය පුරා රථ 10 ක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබාදේ. No description available. No description available. No description available. No description available. No description available. No description available. No description available. No description available. No description available. No description available.