ස්පුට්නික් එන්නත් තොගයක් දිවයිනට රැගෙන එයි

August 11, 2021 at 8:17 AM

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා තොගයක් අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබු බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසුවේ.

අනතුරුව එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබුවෙ.