ඉදිරි දින කිහිපය තීරණාත්මකයි : ජනතාව වැඩි අවදානයෙන් සිටීම වැදගත් – කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන (VIDEO)

August 11, 2021 at 10:45 AM

අද වන විට රටේ පවතින තත්ත්වය අනුව ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ඉදිරි දින කිහිපයේදී සුබදායි නොවන බවට කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන සඳහන් කර සිටිනවා. කොවිඩ් වෛරසය සහ ඩෙංගු රෝගය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.

පුද්ගලයෙකු යම් අයුරකින් රෝග ලක්ෂණ තිබේනම් සැඟවී නොසිට රෝහලට පැමිණීමෙන් අදාළ රෝගියාගේ පමණක් නොව අන් අයගේ ජීවිතද බේරා ගැනීමට හැකිවන බවයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන සඳහන් කලේ.

කොවිඩ් රෝගීන් වෙනුවෙන් නියමිතවූ බෙහෙත් නොමැති වුවත් යුරෝපයේ ඇතුළු රටවල වෛද්‍යවරුන් කොවිඩ් වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සඳහා විවිධ ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් ඔවුන්ගේ මරණ අනුපාතය අඩු කර ගැනීමට හැකිවූ බවත්, මෙරට වෛද්‍යවරුන්ද එම ඖෂධ ලබාදීම සිදුකරනු ලබන බවයි ඔහු පැවසුවේ.

රටේ සිදුවන එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ජනතාව උනන්දු විය යුතු බවත් හොඳම එන්නත ලැබීමට කල් මැරීමෙන් සිදුවන්නේ වෛරසයට ගොදුරුවීමේ ඇති හැකියාව වැඩිවීමක් බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පැවසුවේ.

නිධන්ගත රෝග ඇතුළුව අවුරුදු 60ට වැඩි වයස්ගත පුද්ගලයින් අනිවාර්යෙන්ම කොවිඩ් එන්නත ලබා ගැනීම අප්‍රමාදව සිදුකර ගත යුතු බවයි වෛද්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.