ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමාජය තුළ100% කින් වේගවත් වෙලා

August 9, 2021 at 4:30 PM

 

ඩෙල්ටා වෛරසය ප්‍රචාරය වන වේගයට වඩා සියයට 100ක වේගයකින් සමාජය තුළ පැතිර යන බව වෛද්‍යවරු පවසනවා. උගුරේ වෛරස ප්‍රමාණය වැඩි වන විට වාතයට වෛරසය වැඩි වශයෙන් එකතු වන බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසා සිටියේ.

“අපි මේ වෛරසය සොයාගන්න උගුරේ සෙම පරීක්ෂණයක් කරනවා පීසීආර් කියලා. මේකෙ දී CT අගය කියලා එකක් ගන්නවා. අපි උගුරේ සෙම ගත්තාට පස්සේ 40 වතාවක් රත් කරනවා. ඒ 40 වතාවේ දී මේ වෛරසය හමුවුණේ නැත්නම් අපි කියනවා ඒ ලෙඩාට වෛරසය ආසාදනය වෙලා නෑ කියලා. අපි මුල අවස්ථාවේ දී අපි මේ වෛරසය එන කොට 32 – 33 වතාවක් වගේ මේක වර්ධනය කරාම තමයා වෛරසය හමුවුණේ.

දෙවැනි රැල්ල එනකොට අපි සාමාන්‍යයෙන් 22 වතාවක් මේ වෛරසය වර්ධනය කරාම අපි ඒක දකිනවා. පසුගිය මාර්තු මාසයේ පමණ වෙනවිට සාමාන්‍යයෙන් 15 පාරක් පමණ 15 -12 වතාවක් වර්ධනය කරන විට වෛරසය හමුවුණා. පසුගිය දින කිහිපය වන විට උගුරෙන් ගත්ත සෙම එක්වරක් වර්ධනය කළ විට වෛරසය දකින්න පුළුවන්. කෙල බිඳිති මඟින් ප්‍රචාරය වුවත් උගුරේ තිබෙන වෛරස ප්‍රමාණය වැඩිවෙන විට එය බිඳිතිවලට යනවාට අමතරව වාතයට එකතු වේ.” විශේෂ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කර සිටියේ.