කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 800 ඉක්මවයි

August 9, 2021 at 12:58 PM

ගතවු දිනයේ වාර්තා වූ ආසාදිතයින් 2,961 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිස බස්නාහිර පළාතෙන් වාර්තාවී තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් 1,491 දෙනෙකු බස්නාහිර පලාතෙන් පමණක් ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙන අතර ඉන් ආසාදිතයින් 852 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ආසාදිතයින් 300 ඉක්මවා ඊයේ හඳුනාගෙන තිබු අතර මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් 100 සීමාව ඉක්මවා වාර්තා වී ඇත.

ඊයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ.

No description available.