තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.8ක් දිවයිනට

August 8, 2021 at 8:36 AM

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් අද (08) අලුයම දිවයිනට රැගෙන එනු ලැබූ බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ සමඟ මෙරටට හිමිවූ මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 14.7ක් වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම එන්නත් තොගය කොළඹ එන්නත් ගබඩා වෙත ප්‍රවාහනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.