ඔබ කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වුවහොත්

August 8, 2021 at 11:17 AM

කොරෝනා ආසාදිතයෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු බවට හදුනා ගැනුණහොත් දින 3 – 5ත් අතර කාලය තුළ කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ වලට ඇතුළත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර දැනුම් දෙනවා.

මීට පෙර කොරෝනා පරීක්ෂණයකට ලක්විය යුතු කාලසීමාව ලෙස දක්වා තිබුණේ දින 5 -7ත් අතර කාලයක් බවයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටියේ.

රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් PCR පරීක්ෂණයක් ද රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් ද සිදුකිරීම වැදගත් බවයි ආචාර්ය චන්දිම ජිවන්දරඑහි සඳහන් කර සිටියේ.

කෙසේ වුවත් මෙය තමාගේ පෞද්ගලික මතය බවත් මෙරට කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ අඩංගු කරුණු නොවන බවයි අචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කළේ.

මේ අතර කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට යම් පුද්ගලයෙකු හඳුනා ගැනුණු සැණින් පරීක්ෂණයක් සිදුකර ගැනීම නොසුදුසු බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටින්නේ.