කොවිඩ් මරණ 5,000 සීමාව පසු කරයි

August 7, 2021 at 7:59 PM

මෙරට කොවිඩ් ආසාදිත මරණ 5,000 සීමාව පසු කර තිබෙනවා. ඒ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 5,017ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගතවූ දින 06ක කාලය තුලදී පමණක් මරණ 509ක් වාර්තා වී ඇත.