මන්ත්‍රී රෝහණ දිසානායකට කොරෝනා

August 6, 2021 at 8:37 AM

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අද (06) උදෑසන තහවුරු වූ බව ප්‍රකාශ කර සිටියා.

මේ වන විට තමන් ඇතුලු පවුලේ සියලු දෙනානිරෝධායනය වෙමින් සිටින බවත් පසුගිය දින කිහිපයේදි තමන් හා සමිපව කටයුතු කළ පිරිස වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.