මන්ත්‍රී දිලිප් වෙදආරච්චිට කොරෝනා ආසාදනය

August 6, 2021 at 10:31 AM

සමගි ජනබලවේග පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී මේ බව තහවුරු වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ.

පසුගිය අගෝස්තු මස 01 වෙනිදා සිට මේ දක්වා තමන්ව ආශ්‍රය කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසත් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් මන්ත්‍රීවරයා දැනුම් දී සිටියි.