දිනක් තුල වැඩිම කොවිඩ් මරණ වාර්තා වෙයි

August 5, 2021 at 9:00 PM

දිනක් තුල සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිත මරණ 94ක් සිදුව තිබෙන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි. මියගිය පිරිස අතර පුරුෂයින් 49ක් සහ කාන්තාවන් 45 දෙනෙකු ද වනවා.

වයස අවුරුදු 30ට අඩු කාන්තවන් දෙදෙනෙක් ද, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගල මරණ 17ක් සහ වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 73ක් සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 4,821ක් වනවා.