කොළඹ 1-15 පදිංචිකරුවන්ට විශේෂ දැනුම් දීමක් – කොවිඩ් එන්නත් ඩිජිටල් සහතිකය ලබා ගන්නේ කෙසේද ?

August 5, 2021 at 11:57 AM

කොළඹ 1-15 ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නත සඳහා වන ඩිජිටල් සහතිකය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ  නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව පහත දැක්වෙන සහතික වල ජායාරූප epidunitcmc@gmail.com යන ඊමේලය වෙත යොමු කිරිමට කටයුතු කරන ලෙසයි ඇය සඳහන් කළේ.

1) එන්නත ලබා ගත් බවට ලබාදුන් කාඩ් පතේ දෙපැත්තේ වන ජායාරූප
2) ජාතික හැඳුනුම්පතේ / විදේශ ගමන් බලපත්‍රයේ දෙපැත්තේ ජායරූපයක්
3) දුරකථන අංකය

අදාළ ඩිජිටල් සහතික පත විද්‍යුත් තැපෑල මගින් යොමු කිරිමට කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.