විපක්ෂ නායකවරයා කොවිඩ් මර්ධන එන්නත ලබාගනියි

August 3, 2021 at 10:01 PM

සමගි ජනබල වේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) කොවීඩ් එන්නත ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබා ගැනීමට තමන් කටයුතු කළ බව විපක්ෂනායකවරයා සිය ට්විටර්ක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ.

“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි” යනුවෙන් කොවීඩ් එන්නත ලබාගැනීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල කොවීඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනු ලැබුවා.