රටේ ආර්ථිකය දියුණු කිරීම අත්‍යවශ්‍යයි : ආර්ථික විශේෂඥයින් ඇතුළු සියලු දෙනා පළමුව ජිවත්ව සිටිය යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් නිවේදනයක්

August 3, 2021 at 10:48 PM

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත්කිරීම ඇවිලෙන ගින්නට ඉන්ධන දැමීමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කර සිටිනවා.

රටේ ආර්ථිකය ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් වුවත් පවතින තත්ත්වය හමුවේ වෛද්‍ය විශේෂඥයින් වශයෙන් අපි දැඩි ලෙස විශ්වාස කරන්නේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයින් සහ සෙසු අය මුලින්ම ජීවතුන් අතර සිටිය යුතු බවත්, වර්තමාන වසංගත තත්ත්වය හමුවේ ආරක්‍ෂිත ස්ථානයක් වන තුරු මිස කිසිදු සංචාරකයෙකු අප රටට නොපැමිණෙන බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

මේ වනවිට කොරෝනා රෝගීන් වැඩි වැඩියෙන් හමුවන අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂ, වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය උපරිම මට්ටමට ළඟාවී ඇතැයි ද රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළයාම දැඩි අනතුරුදායක තත්වයකැයි ද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ.