බිත්තියේ තිබී හමුවූ ඉෂාලිනිගේ සටහනක් ගැන පොලිස් විමර්ශන

August 3, 2021 at 8:19 AM

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ සේවය කරමින් සිටි දැරිය මිය යාම සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ප්‍රකාශ කර සිටිනවා.

මෙම දැරිය මන්ත්‍රීවරයාගේ නිවසේ සිටින විට දී භාවිතයට ගැනුණු කාමරය පරීක්ෂා කිරීමේදී බිත්ති වල තිබි ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ අර්ථයක් ලබා දෙන ආකාරයට මගේ මරණයට හේතුව යන්නෙන් සටහන් කර තිබෙනවා.

මෙය ඇය විසින්ම බිත්තියේ සටහන් කර ඇද්දයි බැලීමට මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.