ඇමති ගම්මන්පිල නිරෝධායනයට : අමාත්‍යාංශයේ සේවකයින් පිරිසකට කොවිඩ්

August 3, 2021 at 4:57 PM

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල නිවෙස් නිරෝධායනයට ලක්ව තිබෙනවා. ඒ බව සඳහන් කරමින් අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබා තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශයේ සේවකයින් පිරිසක් කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් තමන්ගේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය අනුව තමන් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වුවත් අමාත්‍යාංශය විෂබීජහරණයට ලක් කළ බවත් ලබන සිකුරාදා (06) දක්වා වසා තැබෙන බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.