ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට : අද දිනයේ එන්නත් ලබාදෙන ස්ථාන 379ක්

August 2, 2021 at 10:34 AM

ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් අද දිවයිනට රැගෙනවිත් තිබෙනවා. එහි තිබූ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 104,000ක් වන අතර කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් මෙම ෆයිසර් එන්නත් මාත්‍රා තොගය අද අලුයම මෙරටට රැගෙනවිත් තිබුණා.

මේ අතර අද දිනයේද කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී සහ දිවයිනේ තෝරාගත් ස්ථාන රැසකදී ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර අද දිනයේදී දිවයින පුරා ස්ථාන 379කට අධික ස්ථානයකදී කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථාන 109ක් සහ සෙසු කොවිඩ් මර්ධන එන්නත් ලබාදෙන ස්ථාන 270ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.