ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය වේගවත් : ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

August 1, 2021 at 12:51 PM

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසනවා.

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය, එන්න්ත්කරණය සිදුනොකර ගැනීම සහ පුද්ගල සංචරණයන් ඇතුළු කරුණු එම තත්ත්වයට හේතු වී ඇති බවයි මෙරට පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය පද්ධති අඩපන වීමේ අවදානමක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තය හේතුවෙන් පසුගිය සතියේ තුළ පමණක් ලොව පුරා රටවලින් කොවිඩ් -19 ආසාදිතයින් මිලියන 04ක් පමණ වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටේඩ්රෝස් ගේබ්රියේසස් සඳහන් කර සිටියේ.