ලොව වේගවත්ම පුද්ගලයා ඉතාලියෙන් (VIDEO)

August 1, 2021 at 6:48 PM

ලොව වේගවත්ම පුද්ගලයා ලෙස ඉතාලියේ Lamont Jacobs අද කිරුළු පැලඳුවා. ඒ ටෝකියෝ ඔලිම්පික් තරගයේ මිටර් 100 ධාවන ඉසව්වේ අවසන් තරගය තත්පර 9.79ක අවසන් කරමින්ය.

Jacobs ගේ පෞද්ගලික දක්ෂතාවය ලෙස මිට පෙර සටහන් වුයේ තත්පර 10.03ක් වූ අතර තරගයට පෙර ඔහු රන් පදක්කම දිනා ගනු ඇති බවට කිසිදු පුද්ගලයෙකු විශ්වාසය පළකර සිටියේ නැහැ.

ඔලිම්පික් තරග ඉතිහාසයේ මිටර් 100 ධාවන ඉසව්වෙන් ඉතාලිය දිනු පළමු රන් පදක්කම ද මෙය වීම විශේෂත්වයක් වනවා.