මෙරට කොවිඩ් ආසාදිත මරණ 4,500 සීමාව පසුකරයි

August 1, 2021 at 6:12 PM

තවත් කොවිඩ් මරණ 67ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ (31) දිනයේදී කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) දින තහවුරු කරන ලදියි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම කොවිඩ් මරණ අතර 31 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 36 දෙනා පිරිමි පුද්ගලයින් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.