ඒ රියදුරා ජීවතුන් අතර … අපිට රටට හිටපු වටිනා චරිතයක් ජීවිතයක් නිහඩ උනා – රංගන ශිල්පිනි දමිතා අබේරත්න තැබූ සටහන

August 1, 2021 at 9:24 AM

ප්‍රවීන රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න ඉකුත් 30 වෙනිදා රාත්‍රියේදී ලිදුල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජිවිත ගමනට සමුදුන්නා. මේ ඇයගේ වියෝව සම්බන්ධයෙන් රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න සිය ෆේස්බුක් සමාජ මාධ්‍යය ගිණුම හරහා තබා තිබු සටහනයි මේ….

” රත්තරන් හයසින්ත් ආන්ටි..ඔයා අපිව දාලා මේ විදියට යාවි කියලා හීනෙන්වත් හිතුවේ නෑ…ආන්ටි ඔයා අපි හැමෝටම ලොකූ පනිවිඩයක් දුන්නා…අපේ ජීවිතවල වගකීම රියදුරන් අතට දීලා ඒ අයව විශ්වාස කරලා අපි රෑ තිස්සේ රූගත කිරීම් වලට යනවා..

මේ රියදුරන් දවස තිස්සෙම ලොකේශන් වල මහන්සි වෙලා ඒ වාහනේම රෑට ආපහු එක්කෝ කොලඹ එවනවා ආපහු කොලඹින් රංගන ශිලිපීන් අරගෙන ලොකේශන් වලට යනවා..මේ එන යන අතරවාරයේ අපි සියලු දෙනාගෙම ජීවිත මේ රියදුරන් විෂ්වාස කරලා ඒ අයට භාර කරනවා…එහෙම කරලා මේ වාගේ ජීවිත විනාස වෙන්නට තවත් ඉඩ නොදී ඉමු…

අද ඒ රියදුරා ජීවතුන් අතර අපිට රටට හිටපු වටිනා චරිතයක් ජීවිතයක් නිහඩ උනා…මේ රියදුරාගේ ජීවිතය උනත් කාගේ ජීවිතය උනත් මේ සියලු දේට මීට වඩා වගකීමක් වටිනාකමක් තිබිය යුතුයි…අපි හමෝම මිනිස්සු..අපි හැමෝම මේ සියලු දේ කරන්නේ ජීවිතයේ හම්බ කරගැනීම උදෙසායි…

එම නිසා වගකීම මින් ඉදිරියටවත් මේ හයසින්ත් ආන්ටි අපි සියලු දෙනාටම දුන්නු පනිවිඩය නිසා හෝ අපි සියලු දෙනා නිෂ්පාදකයින් අධ්‍යශකවරුන් තාක්ෂනික ශිලීපීන් අනෙකුත් සියලුම ශිලිපීන් මේ වැනි දේ සිදු නොවීමට වගකීමෙන් එකතු වෙමු..ආදරණීය හයසින්ත් ආන්ටි අද ඔයා නිහඩයි ඒත් අපි අඩනවා අපිට ගොඩාක් දුකයි..ඔයා අපි හැමෝටම අම්මා කෙනෙක්…ආදරණීය හයසින්ත් අම්මාට නිවන් සුවය පතමි”