උමාරියාට ඇප : රියැදුරු බලපත්‍රය අත්හිටුවයි

August 1, 2021 at 2:30 PM

රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංශ ඇප මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබෙනවා.

රිය අනතුර සම්බන්ධයෙන් ඇයව ඊයේ රාත්‍රියේ වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

ඇප මත මුදා හරිනු ලැබූ උමාරියාගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසටද අධිකරණය නියෝග කරනු ලැබුවා.

රාජගිරිය ගුවන් පාලම අසලදී උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් එම ත්‍රිරෝද රථයේ රියැදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවා.