අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණයක් නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

August 1, 2021 at 9:16 AM

අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

එසේ වුවත් රජයේ සේවය සඳහා පැමිණෙන අයට, බස්රථ හෝ වෙනත් ආකාරයකින් රැකියාව සඳහා පැමිණීමට අවස්ථාව ලබාදිය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

මේ අතර, කොවිඩ් ව්‍යාප්තියෙහි වගකීම සෞඛ්‍ය සේවයට හෝ ත්‍රිවිධ හමුදාවට පමණක් භාරගත නොහැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා හෙට (01) සිට යළි ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.