සඳුදා සිට රාජ්‍ය සේවකයින් යලි සේවයට කැඳවීමේ අති විශේෂ චක්‍රලේඛය

July 31, 2021 at 12:19 PM

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු මස 2 වන දා සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 02/2021 (III) නැමැති එම චක්‍රලේඛය ඊයේ (30) දිනයේදී නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව කොවිඩ් -19 වෛරස ව්‍යාපෘති පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවීම සහ නිවෙස්වල සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ ද අවලංගු කර තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ දී රජයේ නිලධාරීන් හා මහජනතාව දුරස්ථභාවය ආරක්ෂා කිරීම, මුව ආවරණ පැලඳීම හා දෑත් පිරිසිදු කිරීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව චක්‍රලේඛයෙන් පෙන්වාදී ඇත.

ආයතනික කාර්යය මණ්ඩලය මෙන්ම සේවාලාභීන් ද කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් වළක්වාගනිමින් සේවා සැපයීමේ වගකීම ආයතන ප්‍රධානියා වෙත පවරා තිබේ.

Image

Image

Image