ඩබල් මාස්ක් ගැන ඔබ නොදන්න ඇත්ත (VIDEO)

July 31, 2021 at 2:44 PM

පවතින කොවිඩ් වසංගතය හමුවේ ඇතැම් පුද්ගලයින් මුව ආවරණ දෙකක් පැළඳීමට කටයුතු කිරීමේදී ඔවුන් නොදැනුවත්ම වැරදි ආකාරයට එම මුව ආවරණ පැලදීම සිදුකරන බව ප්‍රජා සෞඛ්‍ය ලේඛාධිකාරි වෛද්‍ය නයනී ධර්මකීර්ති ප්‍රකාශ කර සිටිනවා.

” ඇතැම් පුද්ගලයින් කොවිඩ් වෛරසය හේතුවෙන් මුව ආවරණ දෙකක් පළදිනවා. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී මෙන්ම රෝගීන් සිටින ස්ථානවල කටයුතු කිරීමේදී මේ අයුරින් මුව ආවරණ දෙකක් පැලදීම සුදුසුයි.

නමුත් ඇතැම් අය නොදැනුවත්කම නිසා මුව ආවරණ දෙකක් පලදින්නේ වැරදි ආකාරයට.

විශේෂයෙන් ගත්තොත් N95 වර්ගයේ මුව ආවරණයක් භාවිතා කිරීමේදී එය හොදින් මුද්‍රාවී තිබෙනවා. ඒ නිසා ඊට ඉහලින් තවත් මුව ආවරණයක් පැලදීම අවශ්‍ය නැහැ.

සර්ජිකල් මාස්ක් එකක් භාවිතා කිරීමේදී ඒවා නිසි අයුරින් මුද්‍රා වෙන්නේ නැති නිසා ඊට උඩින් රෙදි වලින් මසන ලද මුව ආවරණයක් පැලදීම වඩාත් සුදුසුයි” ඇය සඳහන් කර සිටියා.

වීඩියෝව පහතින් :

https://fb.watch/74OX3gK7cd/