ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය අද දිවයිනට

July 31, 2021 at 8:37 AM

ජපානය කොවැක්ස් වැඩසටහන හරහා ලබා දෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් අද (31) පස්වරුවේ ශ්‍රී ලංකාවට මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

ලබන සෙනසුරාදා දිනයේත් මෙවැනිම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙසේ ලැබෙන එන්නත් මේ වන විට පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) එන්නත ලබාගෙන සිටින පිරිසට දෙවන මාත්‍රාව ලෙස ප්‍රමුඛතාවයෙන් ලබා දෙන අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහනට යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ.