හෙරොයින් කිලෝ 40ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

July 30, 2021 at 9:10 AM

බණ්ඩාරගම ප්‍රදේශයේදී රුපියල් කෝටි 40 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 40 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අද අලුයම කළුතර දිසා අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන අයෙකුගේ බවටයි සැක පළ වන්නේ.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.