තවත් ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

July 30, 2021 at 12:47 PM

තවත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණ වලදී ඉන්දියාවේ ක්‍රිෂ්ණප්පා ගෞතම් සහ යුස්වේන්ද්‍ර චහල් යන ක්‍රීඩකයින් කොවිඩ් -19 වෛරසයට ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

ඉන්දියාවේ තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සැලකු ක්‍රීඩකයින් 09 දෙනෙකු හුදෙකලා කරනු ලැබුවා.

එලෙස හුදෙකලා කරනු ලැබූ ක්‍රීඩකයින් 09 දෙනා ගේ පළමු PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු කරනු ලැබුවා.

ආසාදිත ක්‍රීඩකයින් හැරුණු කොට සෙසු ඉන්දීය ක්‍රීඩකයින් ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.