Skip to content

ඔන්ලයින් ඔස්සේ දරුවන්ට වැඩියෙන්ම හිරිහැර සිදුවන ප්‍රදේශ 02ක හෙළිවෙයි

July 30, 2021 at 4:14 PM
ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට සහ විවිධ අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ දෙකක් හැටියට හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හඳුනාගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රදේශවල එවැනි සිදුවීම් වැඩිවීමට හේතුව නිශ්චිත වශයෙන් තහවුරු වී නැතත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ගෙන යන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

බොහෝ විට හෝමාගම වැනි ප්‍රදේශවල ඇඟලුම් කම්හල් සේවය කරන පිරිස් වැඩි වශයෙන් සිටීම ඊට හේතු වන්නට ඇතැයි මහාචාර්යවරයා සැක පළ කර සිටියේ.

මේ අතර පසුගිය වසර පහ සැලකිල්ලට ගත් කළ ඔන්ලයින් හිංසන වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ පසුගිය 2020 වසරේදීය. එම වර්ෂයේදී වාර්තා වී ඇති ඔන්ලයින් හිංසන පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 152කි.

එසේම මේ වසරේ මේදක්වා එම පැමිණිලි 74ක් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ.

ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවන් අතට ජංගම දුරකථන සහ පරිගණක වැඩි වශයෙන් පත්වීම ඔන්ලයින් හිංසන ඉහළ යාමට ප්‍රධාන හේතු සාධකයක් වී ඇතැයි ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධානියා ප්‍රකාශ කළේ.

 

© Newswire.lk