එන්නත්කරණයේ වාර්තා අලුත් වෙයි

July 30, 2021 at 8:04 AM

වැඩිම පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදුන් දිනය ලෙස ඊයේ (29) දිනය වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ පුද්ගලයින් 515,830 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියේ.

සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ඊයේ දිනයේ පුද්ගලයින් 418,494 දෙනෙකුට ද දෙවන මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත් මාත්‍රා 56,738ක් ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ෆයිසර් මාත්‍රා38,430ක් සහ මොඩර්නා මාත්‍රා 2,168ක් ද ඊයේ දිනය තුළ ලබා දී ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියා.