අද දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ ඉහල අගයක්. ජූනි 10ට පසු ඉහළම අගය

July 30, 2021 at 8:58 PM

අද දිනයේ වාර්තා වූ සමස්ත කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව 2,460ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරට සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,126ක් වන අතර මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 306,662ක්.

මෙලෙස කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියේ පසුගිය ජූනි 10 වැනිදාට පසුවයි. පසුගිය ජූනි 10දා ආසාදිතයින් 2738ක් වාර්තා වූ අතර ජූනි 11දා ආසාදිතයින් 2200ආසන්නයේ  පැවතුණි .

එලෙස පහල ගිය ආසාදිතයින් ගණන ජූලි 13වැනිදා වනවිට 1413ක් තෙක් පහළ ගිය නමුත් යලි එම සංඛ්‍යාව වැඩිවීමක් දක්නට ලැබිණ.

මේ අතර ඊයේ දිනයේ සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 56ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,380ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.