සමාජ මධ්‍යයේ හුවමාරු වන POLISH – RABUKKANA ජායාරූපය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

July 29, 2021 at 3:39 PM

POLISH – RABUKKANA යනුවෙන් සඳහන්කර ඇති නිල් පැහැති ජීප් රථයක ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වෙමින් පවතිනවා.

මේ පිලිබඳ සාමාජ මාධ්‍ය ඔස්සේම අදහස් දක්වන බොහෝ දෙනෙක් එහි ඉංග්‍රීසි අක්ෂර භාවිතය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තුමේන්තුවට චෝදනා එල්ල කර තිබුණා.

කෙසේ වෙතත් මේ  සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ ඡායාරූපයට අදාළ ජීප් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනුනේ මිට මාස 03 කට පමණ පෙර බවයි. අදාළ පුද්ගලයා සහ ජීප් රථය අප්‍රේල් 10 වන දින වාරියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදුකර ඇප මත මුදා හැරි බව පොලිස් මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ සඳහන් වන්නේ.

එහිදී අදාළ පුදගලයාට POLISH,RABUKKANA යනුවෙන් ජීප් රථයේ සඳහන් කර ජනතාව නොමඟ යැවීමේ වරදට චෝදනා එල්ල කර බවයි අදාළ පොලිස් මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.