මේ වෙලාවේ මට දැනෙන දේ ඒ විදිහටම කියන්න ඕන – ජූලි 31 තමයි දවස..

July 29, 2021 at 9:59 AM

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වෙන යුපුන් අබේකෝන් තබා තිබු ෆේස්බුක් සටහනයි මේ..

මේ වෙලාවේ මට දැනෙන දේ ඒ විදිහටම කියන්න ඕනි උනත් මේ අවසාන දවස් කිහිපයේ මගේ අවධානය තරගයේ තියාගන්න ඕනි නිසා සහ මාව දිරිමත් කරන හැම කෙනාටම ස්තූති කරන්න ඕනි නිසාත් පොඩි දෙයක් කෙටියෙන් කියන්න වෙලාවක් හදා ගත්තා.

මුලින්ම කියන්න ඕනී ඔලිම්පික් කියන්නේ ඕනිම ක්‍රීඩකයෙක් ගේ හීනයක්. මොකද මෙතනට සුදුසුකම් ලබලා එන්න පුලුවන් දක්ශයන්ගෙනුත් දක්ශයන්ට විතරයි. wild card වලින් එන්නෙත් ඒ ඒ රට වල ඒ ඒ ඉසව් වලට ඉන්න හොදම කෙනා. ඉතින් ඒකෙන්ම ඕනි කෙනෙක්ට හිතාගන්න පුලුවන් බිලියන කීයකින් කීදෙනාට අවුරුදු හතරකට සැරයක් එන මේ අවස්ථාවට සහභාගි වෙන්න පුලුවන් වෙන්නේ කියලා. ඒකට ක්‍රීඩකයෙක් අවම වශයෙන් අවුරුදු 4 ක් සූදානම් වෙනවා මේ අවස්ථාව උදා කරගන්න.

සුදුසුකම් සපුරලා එන ක්‍රීඩකයෙක් විදිහට මට ගොඩක් සතුටුයි මම අර කියපු අය අතුරින් කෙනෙක් උන එක ගැන. ඒ ආපු ගමන ගැන හැම කෙනාම දන්නවා. මීට කලින් මගේ ජයග්‍රහණය වලදී ගොඩක් අය සුභ පැතුවත් මේ අවස්ථාවේ හැමෝම එකට එකතු වෙලා රටක් විදිහට සුභ පතනකොට දැනෙන හැගීම ගොඩක් වැඩී. ඉතින් ගොඩක් ස්තූතියි ඒ හැම කෙනාටම. කමෙන්ට් මැසේජ් හැම එකම කියවන්න ඇත්තටම බෑ , ඒ තරම් සුභ පැතුම්.

මේ අවස්ථාවේ මගේ අරමුණ මානසිකත්වය හොදින් තියාගෙන පදක්කමක් ලබා ගැනීමටත් වඩා පීඩනය අවම කරගෙන හොද කාලයක් වාර්තා කරලා ඉදිරි වටයට සුදුසුකම් ලබන එක. පදක්කමක් කියන එක තරග කරන ඕනිම කෙනෙක්ගේ එකම අරමුණ. මමත් තරග කරන්න සූදානම් වෙන්නෙත් ඒ අරමුණෙන්ම තමයි. නමුත් පදක්කමක් කියන අනවශ්‍ය පීඩනය මං මේ අවස්ථාවේ ඇති කරගන්නේ නෑ.

මට වඩා හොද කාලයන් වාර්තා කරපු අය ගොඩක් ඉන්නවා මේ තරගේ. ඒ නිසා මේක ලේසි වෙන්නේ නෑ , ඒත් ඒකෙන් කියවෙන්නේ නෑ මං පරාජය වෙන මානසිකත්වයකින් තරග කරන්න යනවා කියලා. මොකද වඩා හොද කාලයන් වාර්තා කරපු අයව තරග අවස්ථා ගොඩකදී මට පරාජය කරන්න හැකියාව ලැබුනා. අන්තිමට සහභාගි උන ඩයමන්ඩ් ලීග් එක හැමෝටම මතක ඇති. තත්.9 , 10 අතර ඉවර වෙන රේස් එකක ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්. නමුත් මේක ඔලිම්පික්. ඒත් මං මගේ හැකියාවන් සහ පුහුණුවීම් විස්වාසය කරනවා. හැමකෙනෙක්ගෙම ලැබෙන ආශිර්වාද ශක්තියක් වෙයි කියලා විස්වාස කරනවා. ඉතින් අවසානයේ හොද ප්‍රතිපලයක් ලැබෙන්න මං හොදින් තරග කරනවා.

අවසාන වශයෙන් මම ගොඩක් සතුට වෙනවා සහ ආඩම්බර වෙනවා ලෝක මළල ක්‍රීඩාව හැසිරෙන විදිහ ගැන සහ නූතන ක්‍රීඩා තාක්ශනය ගැන අවබෝධයක් තියන විශාල පිරිසක් ලංකාවේ ඉන්න එක ගැන. ඒ අය නිතරම ලංකාවේ ක්‍රීඩාවට නිවැරදි අවබෝධයක් ලබා දෙනවා. ඉතින් මං ඒකට ඒ අයට ගොඩක් ස්තූති කරනවා. මොකද ඒ දේ තමයි ලංකාවේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න සහ ලංකාවේ නම ඉදිරියේ ලෝක මට්ටමේ පදක්කම් සටහන් කරන්න ක්‍රීඩකයෙක්ට ආත්ම විශ්වාසයක් ලබාදෙන්නේ.

මේක මං යන ගමනේ තවත් එක කඩයිමක්. මේ තරගයත් හොද කාලයන් වාර්තා කරලා ලංකාවේ මළල ක්‍රීඩා ඉතිහාසයේ තව පිටුවක් ලියන බලාපොරොත්තු ඇතුව මං ජූලි 31 ඔලිම්පික් ස්ටේඩියම් එකට යනවා.

එදාට හම්බවෙමු. හැමෝටම ජය…