මත්පැන් ඇසුරුම් මත ඇලවීමට යෝජිත ආරක්‍ෂිත ස්ටිකරයේ ටෙන්ඩර් ගණුදෙනුව ගැන සුරාබදු නිලධාරින් මුදල් ඇමති දැනුවත් කරයි

July 29, 2021 at 3:10 PM

මත්පැන් ඇසුරුම් මත අලවන ආරක්‍ෂිත ස්ටිකර සම්බන්ධ දුෂිත ටෙන්ඩර් මගඩිය පිළිබඳව 2021 ජුලි 26 වන දින මුදල් ඇමති තුමා සමග සුරාබදු වෘත්තීය සමිති පැවැත්වූ සාකච්චාවෙදී එතුමාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

වසරකට රුපියල් බිලියනයක් පමණ ඉන්දියානු සමාගමකට ගෙවීමට සිදුවෙන මෙමෙ දුෂිත ගනුදෙනුවේ සම්පුර්ණ වගකීම සුරාබදු දෙපාර්තමේන්තුවට පැවරීම පිලිබඳ අප්‍රසාදය පලකල සුරාබදු නිලධාරීන් මේ පිළිබද පරීක්ෂණයක් සිදුකරන ලෙස එහිදී ඉල්ලා තිබෙනවා.

මෙම ටෙන්ඩර මගඩිය පිලිබඳ තතු දන්නන් පවසන්නේ ටෙන්ඩර කොන්දේසි ප්‍රකාරව යෝජනා වී තිබුනේ මුද්‍රිත ස්ටිකරයක් මත්පැන් ඇසුරුම් මත අලවිමටය. නමුත් එම ස්ටිකරයේ තත්ත්ව බාල වීමත් එම ස්ටිකර ඇලවීමට උපකරණ නොමැතිවීමත් නිසා එම ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල නොහැකි විය.

නමුත් මුදල් අමාත්‍යංශය, සුරාබදු දෙපාර්තමේන්තුව මෙම දුෂිත MSP සමාගමෙන් මසකට අවම ස්ටිකර මිලියන 32 මිලදීගැනීමට කොන්දේසි ගතවී ඇති නිසා ප්‍රයෝගිකව ඇලවිය නොහැකි ස්ටිකර මිලදී ගැනීමට සිදුව තිබේන බව බව සුරාබදු කොමසාරිස් ජනරාල් M J ගුණසිරි පවසා තිබේ. එසේ නොමැතිනම් ඒ හා සමාන අගයක් ගෙවීමට සිදුවන බව ද දන්වා ඇත.

MSP සමාගම ටෙන්ඩර කොන්දේසි ප්‍රකාරව කටයුතු කිරීමට අපොහොසත්ව තිබියදී ටෙන්ඩරය අහෝසි කිරීමට මුදල් අමාත්යංශය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු නොකරයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා පවසා සිටියේ එලෙස ටෙන්ඩරය අහෝසි කිරීම තුල වන්දියක් එම සමාගමට ගෙවීමට සිදුවන බවය ජුනි 29 වෙනිදා පලවූ Daily Mirror පුවත්පත විසින් වාර්තා කර ඇත.

කොන්දේසි ප්‍රකාරව කටයුතු කිරීමට අපොහොසත්ව තිබියදීත් ටෙන්ඩරය අහෝසිකිරිමට නොහැකිවන්නේ වන්දි ගෙවීමට සිදුවන්නේ වන බව පැවසීම පුදුමසහගතය.

ටෙන්ඩර කොන්දේසි ප්‍රකාරව ස්ටිකර ඇලවීමට අපොහොසත්වූ MSP සමාගමේ ටෙන්ඩරය අහෝසි නොකර ඒ වෙනුවට ඩිජිටල් කේතයක් මුද්‍රණයට අවස්ථාව සලසාදීම තුල පස් අවුරුදු ටෙන්ඩරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදුකෙරෙමින් පවතී.

නමුත් මෙහිදී රුපියල් 1.20 පමණ වන මුද්‍රිත ස්ටිකරයක් මිලදී ගැනීමට නිකුත් කල ටෙන්ඩරයකින් සත 15 පමණ ඩිජිටල් කේතයක් මිලදීගැනීම ටෙන්ඩර් පටිපාටිය අමු අමුවේ උල්ලංගනය කිරීමකි. මේ ගැන සුරාබදු කොමසාරිස් ජනරාල් 2021.01.19 දින මුදල් අමාත්‍යංශ ලේකම් තුමා සහ මුල්‍ය ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂක තුමාට කරුණු දන්වා සිටියත් කිසිදු පියවරක් ගෙන නොමැත.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමු අමුවේ උල්ලංගනය කරමින් සිදුකර ඇති මෙම ව්‍යාපෘතිය සහ ඊට සම්බන්ද දුෂිත ඉන්දියානු සමාගමේ ලොව පුරා සිදුව ඇති දුෂිත ගනුදෙනු සහ ඉන්දියාවේදී පවා අසාදුගතවූ තත්වය පිළිබඳව මින් පෙරදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පවා කරුණු ඉදිරිපත් කර තිබුනද මේ ගැන රජය කිසිදු පියවරක් ගෙන නොමැත

මෙවන් පසුබිමක , මෙම කරුණ සම්භන්දයෙන් සුරාබදු සේවක සංගම් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

No description available.

No description available.

No description available.

No description available.