මෙහෙකාර සේවයේ යොදවා ඇති බාලවයස්කාර දරුවන් ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

July 28, 2021 at 10:46 AM

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා පොලිස් මුලස්ථානය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල සිටින එවැනි දරුවන් සම්බන්ධයෙන් වු තොරතුරු 0112 433 333 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

නිවෙස් තුල මෙහෙකාර සේවයේ යොදවා ඇති බාලවයස්කාර දරුවන් සොයා පොලිසිය විසින් ඊයේ දිනයේ සිට විශේෂ මෙහෙයුමක් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.