මැද පෙරදිග සහ ආසියානු රටවල රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක් මුදල් ඇමැතිවරයා හමුවෙයි

July 28, 2021 at 8:33 AM

පකිස්තාන, බංග්ලාදේශ මහ කොමසාරිස්වරු සහ සෞදි අරාබි, ඊජිප්තු, කටාර්, ඉන්දුනීසියා, මැලේසියා, ඇෆ්ගනිස්ථාන සහ කුවේට් යන රටවල තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී තිබෙනවා.

මෙම හමුවීම් ඊයේ (27) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md. Ariful Islam, පකිස්තාන වැඩ බලන මහ කොමසාරිස් Tanvir Ahmad, සෞදි අරාබියානු තානාපති Abdul Naser H. Al Harthi, කුවේට් තානාපති Khalaf Bu Dhhair සහ ඊජිප්තු තානාපති Hussein EL Saharty යන මහත්වරු මෙහි දී මුදල් අමාත්‍යවරයා හමු වූණා.

ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර පවතින ද්වීපාර්ශ්වී සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගන්නා ආකාරය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මැද පෙරදිග කලාපයේ රටවල් සහ දකුණු ආසියාතික රටවල් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය අගය කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහි දී සඳහන් කළේ ඉදිරියේ දී ද කලාපීය සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බවයි.

මෙහි දී අදහස් දැක් වූ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 4%ක ආර්ථික වර්ධන වේගයක් වෙත ළගා වීමට ශ්‍රී ලංකාවට හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බවත්, බංග්ලාදේශය විසින් සිදු කරනු ලබන අපනයනවල දී කොළඹ වරාය පාදක කරගනිමින් වැඩි බහලුම් ප්‍රමාණයක් හුවමාරු කිරීම පිළිබඳව ඇති අවස්ථාවන් සොයා බලන බවයි.

වඩාත් පුළුල් ආර්ථික සහයෝගීතාවකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md. Ariful Islam දෙරටේ ආයෝජකයන් හට ආයෝජන අවස්ථාවන් ලබා දීම තුළින් සීග්‍ර ආර්ථික වර්ධනයක් ළගා කර ගැනීමට හැකි වෙතැයි තම රජය අපේක්ෂා කරන බව පැවැසුවේ.

පකිස්තාන වැඩ බලන මහ කොමසාරිස් Tanvir Ahmad කියා සිටියේ ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය ග්‍රාමීය මට්ටමෙන් ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ඒ ආශ්‍රිත පහසුකම් ලබා දීමට පකිස්තාන රජය කටයුතු කරන බවත්, දෙරට අතර පවතින දීර්ඝ කාලීන සංස්කෘතික සහ සමාජ සම්බන්ධතා තව දුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි සියලුම මැද පෙරදිග රටවල් ඉමහත් ගෞරවයක් ඇති බව සිහිපත් කළ සෞදි අරාබි තානාපති Abdul Naser H. Al Harthi සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට එන්නත් ලබා ගැනීමට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන බැඳුම්කර සහ මුදල් වෙළෙඳපොළේ ආයෝජනය සඳහා ආයෝජකයන් යොමු කරවීමට ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කරන බව ද තානාපතිවරයා වැඩි දුරටත් පැවැසුවේ.

කුවේට් තානාපතිවරයා සඳහන් කළේ ඉතිහාසයේ සිට දෙරට අතර ඉතා සමීප සබඳතාවක් පැවැති බවයි. ශ්‍රී ලංකාවේ මහා මාර්ග ව්‍යාපෘති සහ පාලම් ඉදිකිරීම සඳහා සහයෝගය ලබා දුන් ආකාරයට ම ඉදිරියේ දී නව ව්‍යාපෘති සඳහා ද ආධාර ලබා දීමට කටයුතු කරන බව ද ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව තම ආයෝජකයන් දැනුවත් කරන අතර ම ලන්ඩන් නුවර පිහිටා ඇති කුවේට් ව්‍යාපාරික ආයෝජන කාර්යාලය හරහා මෙම නව අවස්ථාවන් වෙත ආයෝජකයන් යොමු කිරීමට කටයුතු කරන බවත් කුවේට් තානාපති Khalaf Bu Dhhair මෙහි දී සඳහන් කළේ.

ඊට අමතරව සංවර්ධන බැඳුම්කර සඳහා මුදල් ආයෝජනය කිරීම සහ දකුණු ආසියාවේ වෙළෙඳ කේන්ද්‍රය ලෙස නැගී සිටීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගීතාව ලබා දීමට තම රජය අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර සිටියා.

මුදල් අමාත්‍යවරයා වෙත තම රජයේ සුබ පැතුම් එක් කළ ඊජිප්තු තානාපති Hussein EL Saharty සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තේ සඳහා ඊජිප්තු වෙළෙඳපොළ තුළ වැඩි අවස්ථාවක් ලබා දීම සඳහා සහය ලබා දෙන බවත් දෙරට අතර සහයෝගීතාව තුළින් සංචාරක ව්‍යාපාරය එක්ව නගා සිටුවීමට තම රජය උනන්දු වන බවයි. එසේ ම ශ්‍රී ලංකාවේ ආයෝජනය කෙරෙහි ඊජිප්තු ආයෝජකයන් යොමු කරවන බව ද තානාපතිවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළේ.

May be an image of 2 people and people standing

May be an image of 2 people and people standing

May be an image of 2 people and people standing

May be an image of 2 people and people standing

May be an image of 1 person, sitting and standing

May be an image of 1 person, sitting, standing and indoor

May be an image of 2 people, people sitting and people standing

May be an image of 2 people and people standing

May be an image of 1 person, standing and indoor

May be an image of 2 people, people standing and people sitting

May be an image of 2 people and people standing

May be an image of 2 people, people sitting, people standing and indoor