මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු CIDයට

July 28, 2021 at 11:42 AM

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණ තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පවසා ඇති කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවු බව පොලීසිය සඳහන් කර සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රනාන්දු සැප්තැම්බර් 1 වනදා දක්වා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා දැනුම් දී සිටියා. ඒ මන්ත්‍රීවරයා විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.