පැය 05කට පසුව හරීන් CIDයෙන් පිටව යයි

July 28, 2021 at 3:54 PM

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඉන් පිටව ගියා. ඒ පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.

මීට පෙර කර තිබූ දැනුම් දීමකට අනුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සමගින්.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යළි ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.