දෙවන විස්සයි 20 තරගය අහිමිවූ ඉන්දීය ක්‍රීඩකයින් 08 දෙනා

July 28, 2021 at 5:15 PM

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබී කල් දමන ලද දෙවන 20 යි 20 තරඟය අද රාත්‍රියේ පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඉන්දිය ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා කොරෝනා ආසාදිතයෙකු බව ඊයේ දිනයේදී තහවුරුවීම හේතුවෙනුයි ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණු 20 යි 20 තරගය අද දිනය දක්වා කල් දැමීමට තීරණය කෙරුණේ.

කෘනල් පාණ්ඩ්‍යා සමඟ සමීප සබඳතා පැවැත්වූ ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 08 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණු අතර ඒ අනුව ඔවුන්ට තරගාවලියේ ඉතිරි තරඟ දෙක අහිමිවී තිබෙනවා.

මෙලෙස අද තරගය සඳහා ක්‍රීඩා නොකරන ක්‍රීඩකයින් ලෙස නම් කර ඇති ක්‍රීඩකයින් වන්නේ කෘනාල් පාණ්ඩ්‍යා, හර්දික් පාණ්ඩ්‍යා, සුර්යකුමාර් යාදෙව්, ප්‍රිත්වී ෂා, දීපක් චාහාර්, කේ. ගෞතම්, ඉෂන් කිෂන්, යුස්වෙන්දර චාහල් යන අයයි.