කොහුවල බැංකුවක් ඉදිරිපිට එල්ලවූ කඩු ප්‍රහාරය (VIDEO)

July 28, 2021 at 1:05 PM

කොහුවල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිට දී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා තුවාල සිදුකර පළා ගොස් සැඟව සිටි එකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 15 වන දා එය සිදුව තිබු අතර පහරදීම සඳහා යොදා ගත් කඩුවක්, මන්නයක්, පිහියක් හා ජංගම දුරකථනයක් ද කොහුවල පොලීසියේ අපරාධ අංශය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ අරබකන්ද, මංගලසිරිපුර, වැල්ලවිට, කන්දවත්ත, වැල්ලතුඩැල්ල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20, 26, 27, 28, 29 යන වයස් කාණ්ඩවල පුද්ගලයන් බව පොලීසිය සඳහන් කරන්නේ.

ප්‍රධාන සැකකරුගේ බිරිඳ සමඟ පහරකෑමට ලක්වු පුද්ගලයා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

මේ අතර ප්‍රධාන සැකකරු ද තුවාල ලැබු පුද්ගලයාගේ සහෝදරියක් සමඟ සම්බන්ධතාවයක් පවත්වාගන ගොස් ඇති බවයි පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පහරදීම සිදුවු දිනයේ දී ප්‍රධාන සැකකරුගේ බිරිඳ බැංකුව වෙත යන බව පවසා නිවසින් පිටව යාම සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත කුලී පදනම මත ලබාගත් රථයකින් සැකකරුවන් බිරිඳ පසුපස ලුහුබැඳ ඇත. පසුව ඇය බැංකුව වෙත ගොස් ඇති අතර, පහරකෑමට ලක්වු පුද්ගලයා ද එම ස්ථානයට පැමිණීම හේතුවෙන් පහරදීම සිදුව ඇත.

පසුව සැකකරුවන් පැමිණි මෝටර් රථයෙන්ම තුවාල සිදුකර පළා ගොස් ඇති අතර, පිළියන්දල ප්‍රදේශයේ කුලී රථ සමාගමක් අසල නවතා තිබිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.