කොවිඩ් ආසාදිතයින් 1940ක් සහ මරණ 63ක් වාර්තා වෙයි

July 28, 2021 at 9:34 PM

අද (28) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 560 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,940ක් වනවා.

ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 301,832ක් වන අතර දැනට සක්‍රියව සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,782ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා,

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 63ක් තහවුරු කර තිබෙනවා.

ඊයේ (27) දින තහවුරු කර ඇති එම මරණ 63ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,258ක් දක්වා ඉහළ ගොස් ඇත.

කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ.