ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගයක් සෙනසුරාදා

July 28, 2021 at 6:50 PM

මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට අස්වැසිල්ලක් ලබා දෙමින් එම එන්නත් මාත්‍රා තොගයක් ලබන සෙනසුරාදා දිවයිනට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

එහිදී ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත 490,000ක් දෙනා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහා.