මන්ත්‍රී හරීන් හෙට CIDය හමුවට කැඳවයි

July 27, 2021 at 12:00 PM

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට නොතීසි නිකුත් කරමින් හෙට පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි සඳහන් කර ඇත්තේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව ඉකුත් අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මිට අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට රජය උත්සාහ දරන බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු චෝදනා කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස නියෝගයක් ඉල්ලා ශශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ගොනු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රනාන්දු සැප්තැම්බර් 1 වනදා දක්වා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වාරණ නියෝගය දීර්ඝ කළේ.