ඔලිම්පික් ක්‍රීඩා උළලේ භාවිතා කරන ශ්‍රී ලංකාවේ බේස්බෝල් පන්දුව (PHOTOS)

July 27, 2021 at 11:30 PM

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් තරග සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

මේ සඳහා සුජීව විජේනායක මැදිහත්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

“ඇඟලුම් නිර්මාණ වලට වගේම ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනයේ ද ලෝක පරිමාණයේ, ඉහළ නමක් දිනා සිටින අපේ රටට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනයේද ලෝක වෙළෙඳපළක් දිනාගැනීමට හැකිවීම අපගේ ක්‍රීඩා ආර්ථිකයේ තවත් ඉදිරි පිම්මක් ලෙස සැළකිය හැකියි. එමෙන්ම මෙමගින් අපේ රටේ ක්‍රීඩා ආර්ථිකය නංවාලීමට ද විශාල දායකත්වයක් ලබාදෙනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Image

Image