අල්ලස් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති නිදහස්

July 27, 2021 at 11:46 AM

පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් වූ අල්ලස් නඩුවෙන් ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නිදහස් කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ගොනු කර තිබූ චෝදනා ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා එලෙස නිදොස් කොට නිදහස් කර ඇත්තේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු ද නඩුවෙන් නිදහස් කර ඇත.