PCR පරීක්ෂණයේදී දැඩි වේදනාවක් ඇතිවුවාට හිමිනමක් හෙදියට පිඟානකින් පහර දෙයි

July 26, 2021 at 6:31 PM

පි.සි.ආර් .පරික්ෂණයකදි දැඩි‍ වේදනාවක් ඇති වු බවට උරණ වු හිමිනමක් අදාල පරික්ෂණය සිදුකල හෙදියට එම ස්ථානයේ තිබු විදුරු පිගානකින් පහර දිමේන් බරපතල තුවාල සිදුව ඇති අතර සිද්දිය සම්බන්ධයෙන් අදාල හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික රෝහලේ කෝවිඩ් ඒකකයේ රාජකාරි වල නිරතවි සිටි හෙදියක් බවයි වාර්තා වන්නේ.

උණ හා සෙම් රෝගයක් හේතුවෙන් ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කර සිටි ආණමඩුව කුමාරගම විහාරස්ථානයක හිමිනමකගේ පිසිආර් පරික්ෂණයක් සිදුකිරිමට අදාල පිසිආර් සාම්පල ලබා ගන්නා ස්ථානයට කැදවා එම ස්ථානයේදි අදාල පරික්ෂණය සිදුකරමින් සිටියදි එම හිමිනමගේ කේඨ ලබා ගැනිමෙන් තමන්ට වේදනාවක් ඇතිවු බව පවසමින් මෙසේ අසල තිබු විදුරු පිගානින් ‍හෙදියට පහර දි ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවර්ණය වි ඇති බව පොලිසිය පවසන්නේ.

හිමිනම විසින් විදුරු පිගානින් හෙදියගේ හිසට පහර දිමත් සමග හෙදිය එකවර විලාප දෙමින් බිම ඇද වැටි ඇත. පසුව රෝහල් කාර්ය මංඩලය කඩිනමින් පැමින හෙදිය වෙත ප්‍රථිකාර ලබා දිම සදහා රෝහල් ප්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත යොමු කල බවයි වාර්තා වන්නේ.

ඒ සමගම සිද්දියට සම්බන්ධ සැකකාර හිමිනම රෝහල් කාර්ය මණ්ඩලය විසින් අල්ලා පොලිස් නිළධාරින්ට භාර දිමට කටයුතු කර ඇත.

හිමිනම හෙදියට පහර දිම කල පිගාන කුඩා කැබලි වලට කැඩි ගොස් ඇති ආකාරය දැක ගත හැකි වූ බවයි රෝහලේ සේවකයින් සඳහන් කර සිටියේ.

ආණමඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි පද්මිනි අබේරත්න මහත්මිය පැවසුවේ විදුරු පිගානින් පහර කෑ හෙදියගේ හිසට දරුණු තුවාල සිදුව ඇති බවත් ඇය ආණමඩුව රෝහලින් ප්‍රථිකාර ලබා දි කඩිනමින් වැඩි දුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවිමට කටයුතු කල බවයි.

පොලිසිය විසින් අත් අඩංගුවට ගත් හිමිනම ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.