සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කෙරේ

July 26, 2021 at 11:08 AM

අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2022 වර්ෂයේ පෙබරවාරි මස 21 වෙනිදා පැවැත්වීමට දින යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් අද නිවේදනය කර සිටියා.

සාමානය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 03 දක්වා පැවැත්වෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

සාමාන්‍යයෙන් සෑම වසරකම දෙසැම්බර් මාසයේදී පවත්වනු ලබන විභාගය කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමනු ලැබුවා.

කොරෝනා වෛරසයේ තුන්වන රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාසල්වලට අධ්‍යයන කටයුතු මේ වන විට අත්හිටුවීමට සිදුවුවා.